Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 16:00:15 Hours

24 වන පාබල සේනාංකය විසින් සයිබර් අපරාධ පිළිබඳ දේශනයක් පවත්වන ලදී

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පිගේ මගපෙන්විමට අනුව මෙම දේශනය සංවිධානය කල අතර, එම දේශනය 24 පාබල සේනාංකයේ රාජකාරියේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින්ගේ පරිඝණක අපරාධ සම්බන්ධ දැණුම ඉහල නැංවිම සදහා සංවිධානය කරන ලදි.

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැණුම ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී පියවරක් ලෙස 24 වන පාබල සේනාංකය විසින් 2024 ජුනි 05 වැනි දින සයිබර් අපරාධ පිළිබඳ දේශණයක් සංවිධානය කරන ලදී. මෙම දේශනය සදහා නිලධාරින් 05 දෙනෙකු ඇතුළු සෙසු නිලයින් 100කගේ ප්‍රමාණයක් සහභාගි වන ලදි.

මෙම දේශනය නවීන තාක්‍ෂණික පිලිබද දැණුම ලබාදිම සදහා දේශකයන් උත්සහ කරන ලදි. සයිබර් තර්ජන භෞතික තර්ජන තරමටම තීරණාත්මක වී ඇති බව හඳුනා ගනිමින්, අනවසරයෙන් ඇතුළුවීම, භාගතකිරිම්, අනන්‍යතා/තොරතුරු සොරකම් සහ කප්පම් මෘදුකාංග ප්‍රහාර ඇතුළු සයිබර් අපරාධවල විවිධ අංශ පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීමට දේශක මඩුල්ල උත්සහ කරන ලදි. දේශනයේ මූලික ඉලක්කයක් වූයේ සයිබර් තර්ජන වලින් ආරක්ෂා වීමට ප්‍රායෝගික උපදෙස් සමඟ සහභාගිවන්නන් දැනුමින් සන්නද්ධ කිරීමයි.

සයිබර් අපරාධ විමර්ශකයින් සහ තොරතුරු තාක්‍ෂණ ආරක්ෂක නිලධාරින් (ප්‍රධාන දේශක - පොලිස් පරීක්ෂක ආර්. එම්. මද්දුම බණ්ඩාර) ඇතුළු අම්පාර පොලිස් ස්ථානයේ පරිඝණක අපරාද අංශයේ දේශකයින් විසින් මෙම දේශණය මෙහෙයවන ලදි. ඔවුන් සයිබර් ප්‍රහාර පිළිබඳ තම අත්දැකිම සහ සැබෑ ලෝකයේ උදාහරණ ගෙනහැර දක්වමින්, මෙම අපරාධ මගින් ඇති කළ හැකි විනාශය ඉස්මතුකර දැක්වුහ. නවතම සයිබර් ආරක්ෂණ භාවිතය සහ පරිඝණක හා මෘදුකාංගයාවත්කාලින කිරිමේ වැදගත්කම දේශකයින් විසින් අවධාරණය කරන ලදී.