13th January 2025 12:03:26 Hours
24 වන පාබල සේනාංකයවිසින් උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලබළප්රදේශයේ ගැබිනි මව්වරුන් 35 දෙනෙකුට ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙම වැඩසටහන 2025 ජනවාරි 09 වන දින රුහුණුගම හිදී පැවැත්වු අතර, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා පුර්ණ අධීක්ෂණය යටතේසිදුකරන ලදි.
මෙහිදි ගැබිණි මව්වරුන් සදහා අත්‍යාවශය මාතෘ සහ ළදරු සත්කාර අයිතමයන් හා වියළි සලාක මල්ලක් බෙදා දෙන ලදි. විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රජාවන්හි බොහෝ ගැබිනි මව්වරුන් මුහුණ දෙන මූල්‍යමය බර අඩු කිරීම මෙම සත්කාරයේ ප්‍රධාන අරමුණ විය.
මෙම පරිත්‍යාග වැඩසටහනහේමාස් පාරිභෝගික නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ සහයෝගයෙන් සංවිධානය කල අතර, හේමාස් පාරිභෝගික නිෂ්පාදන (පුද්ගලික) සමාගම, අම්පාර දිස්ත්‍රික්කයෙහි බෙදාහැරීමේ සහ මෙහෙයුම් කළමනාකරු තිළිණ ජයරත්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙහි නිලධාරින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව මෙම වැඩසටහනට පැවැත්විය. පරිත්‍යාග කරන ලද භාණ්ඩයන්හි වටිනාකම රු:500,000.00කට වඩා අධික වු අතර වැඩසටහනෙන් පසු, සියලුම ගර්භනී මව්වරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට ප්‍රනීත උදෑසන ආහාර වේලක්ද පිළිගන්වන ලදි.