Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th October 2022 11:34:23 Hours

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 02 දින 24 වන පාබල සේනාංකය මූලස්ථානයේදි පැවැත්විණි.

24 වන පාබල සේනාංක ප්‍රධාන දොරටුව අභියසට පැමිණි නික්ම යන සේනාංකාධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව සරඹ භුමියේදි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයක් ද පිරිනැමූහ.

තවද, නික්ම යන සේනාංකාධිපති හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සියලු නිළ තේ පැන් සංග්‍රහයටද සහභාගි වු අතර ඉන් පසු භඨපිරිස් අමතමින් තම සේවා කාලය තුළ තමාට ලබා දුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් සියළුම නිළයන් වෙත ස්තුතිය පුද කල අතර. උත්සවය අවසානයේ දි නික්ම යන සේනාංකාධිපති තුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාව සදහා පාබල බළසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරීන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.