06th December 2024 11:28:29 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමුගැනීමේ උත්සවය 2024 නොවැම්බර් 29 දින පැවැත්විණි. මෙම උත්සවය යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව විධිමත් චාරිත්‍රානූකූලව පවත්වන ලදී.
24 වන පාබල සේනාංකයට මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරනලද අනුපමය සේවයට සහ නායකත්වයට ගෞරවයක් ලෙස සහ එය ඇගයිම වෙනුවෙන් සේනාංක භඨ පිරිස් විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. සේනාංකාධිපති තුමන්ගේ සමුගැනිම සනිටුවන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් සදහා පෙනි සිටි අතර,ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සේනාංකය වෙත සිදුකරන ලද අනූපමය සේවයට නොමැකෙන උපහාරයක් වශයෙන් සේනාංක මුලස්ථාන පරිශ්‍රය තුල සුදු හඳුන් පැළයක් රෝපණය කරන ලදි.
මේජර් ජෙනරාල් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේනාංකයේ සහ ඒ යටතේ ඇති පාබල බලසේනා හා ඒකක භඨ පිරිස් ඇමතූ අතර, එතුමන් විසින් නිලධාරි සහ සෙසු නිලයින් දිරිගන්වන ලද අතර ඔවුන් විසින් විවිධ අභියෝග හමුවේ සිදුකල කැපවිම අගය කරන ලදි. එමෙන්ම නිලධාරීන් සහ සෙබළුන් අතර සුහදතාවයට සහ අන්තර් සම්බන්ධතාවය සදහා අවස්ථාව සලසා දෙමින් සියලුම නිලයන් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වා මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සමුගැනිමේ උත්සවය අවසන් විය.