?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th November 2025 15:00:07 Hours

24 වන පාබල සේනාංකයේ භට පිරිස් සහන මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දිම

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී ගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, 24 වන පාබල සේනාංකයේ බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටුණු ගස් ඉවත් කිරීම සඳහා භට පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.

ඒ අනුව 241 පාබල බලසේනාවට අයත් 18 විපරෙ ඒකකයට අයත් සමන්තුරෙයි කල්ලාරිච්චෙල් ප්‍රදේශයේ නිවසක් මතටකඩා වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 x 05 භට පිරිසක් යොදවා 2025 නොවැම්බර් මස 26 දින 1055 පැයට ඉවත් කිරිමට කටයුතු සිදුකර ඇත.

මේ සදහා භට පිරිස් මහත් පරිශ්‍රමයක් දරා එම ගස ඉවත් කර මහජනතාව සදහා යථා තත්ත්වයට පත් කරදි ඇත.