Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th October 2022 11:42:49 Hours

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 03 වන දිනට යෙදුණු සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

සේනාංකාධිපති තුමන් මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයකින් පිළිගත් අතර සරඹ භුමියේදි භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරි අගමික වතාවත් වලින් පසු නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපති භඨපිරිස් ඇමතිමෙන් පසු සියලු නිළ තේපැන් සංග්‍රහයටද සහභගි විමෙන් පසු දවසේ කටයුතු අවසන් විය.

මෙම උත්සවය සදහා බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදි.