08th December 2024 08:13:17 Hours
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024දෙසැම්බර් මස 04 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාර ගන්නා ලදි.
සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච් සී එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුද කරන ලදි.
අනතුරුව, රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. ඉන් අනතුරුව එතුමන් විසින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ වෘත්තීමයභාවය, අවංකභාවය සහ රාජකාරීන් නිසි අයුරින් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කලහ. ඉන් අනතුරුව එතුමන් විසින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා 24 වන පාබල සේනාංක බළ ප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.