Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th September 2023 16:02:43 Hours

24 පාබල සේනාංකය තම භඨපිරිස් හට විනෝදාස්වාද සැසියක් පවත්වයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව භටපිරිස්වල චිත්තධෛර්යය ඉහළනැංවීමට සහ අත්‍යවශ්‍ය විවේකයක් ලබාදීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රීලංකා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ 18 විපාරෙ අධිරිද්ම සංගීත කණ්ඩායමේ සංගීත කුසලතා ඉස්මතු කරමින්, නිදහස් හා විනෝදාස්වාද සැසියක් පවත්වන ලදී. යුද්ධ හමුදාවේ කැපවීම ඇගයීමට සහ ඔවුන්ගේ රාජකාරි සඳහා මොහොතකට විවේකයක් ලබාදීම සඳහා මෙම ප්‍රසංග මාලාව සංවිධානය කරන ලදී.

24 පාබල සේනාංක (මල්වත්ත), 241 පාබල බලසේනාව (අක්කරපත්තුව), 242 පාබල බලසේනාව (ආරුගම්බේ), සහ 243 පාබල සේනාංක (මඩකලපුව) යන ස්ථානවල මෙම සැසි දින 3ක් (සැප්තැම්බර් 04 සිට සැප්තැම්බර් 06 දක්වා) දින 03ක් පුරාවට පැවැත්විණි. සෙබලුන්ගේ චිත්ත ධෛර්යය සහ සුහදතාවය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්විය.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව මෙම ප්‍රසංග මාලාව සිදුකරන ලදී. මෙම උත්සවය සඳහා හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 750කට වැඩි පිරිසක් සහභාගි විය.