Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th September 2022 22:08:40 Hours

233 වන පාබල බළසේනාවේ භඨපිරිස් විසින් හිඟුරක්ගොඩ, උණගලාවෙහෙර, ශාලවත්ත - රන් තරු පෙර පාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ‍ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටෙත් 233 වන පාබල බළෙස්නාව විසින් හිඟුරක්ගොඩ, උණගලාවෙහෙර, ශාලවත්ත - රන් තරු පෙර පාසලේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.

"ලෝක ළමා දිනය" ට සමගාමීව 2022 සැප්තැම්බර් 24 දින පවත්වන ලද ෙමම වැඩසටහන සඳහා පෙර පාසල් දරුවන් 43 දෙනෙකු, දෙමාපියන් 40 දෙනෙකු සහ පෙර පාසල් ගුරුවරුන් 02 දෙනෙකු සහභාගී විය. මෙම සංචාරයේදී ඔවුන් වාලච්චේන කඩදාසි කම්හල, සල්ලතිව් වෙරළ තීරය, ලංකාපටුන විහාරස්ථානය සහ සේරුවිල විහාරස්ථානයද නැරඹීමට ඒක් විය.

මෙම චාරිකාව සදහා සිවිල් සමිබන්ධීකරණ නිළධාරි, 233 වන පාබල බළසේනාවේ සෙසුනිළයින් සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ "කැලිප්සෝ" සංගීත කණ්ඩායමද මෙම අවස්ථාවට එක් වූ අතර ප්‍රවාහන අවශ්‍යතා සඳහා 23 වන පාබල සේනාංකය විසින් පහසුකම් සපයන අතර 233 වන පාබල බළසේනාව මගින් ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍යතා සපයන ලදී.