Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th September 2022 21:15:10 Hours

233 වන පාබල බළසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කරයි.

233 වන පාබල බළසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද නව නිළධාරී නිවස්නය ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් 2022 සැප්තැම්බර් 03 වන විවෘත කරන ලදී.

233 වන පාබල බළසේනාවේ නිළධාරීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් 233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ ඒම බළෙස්නාවේ භඨපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදි කරන ලදී.

මෙම අවස්ථාව සදහා 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, 3 (සෙව්) බුද්ධි බළකායේ අණදෙන නිළධාරී, 3 (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිළධාරී මෙන්ම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.