Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th October 2022 11:55:42 Hours

233 වන පාබල බළසේනා ප්‍රදේශයේ 73 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව සමාජ ක්‍රියාකාරකම් පැවැත්වීම.

ආරක්ෂක සේනා (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ උපදෙස් සහ 233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව සමාජීය ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරන ලදී.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක පරිසර හිතකාමී හරිත විප්ලවයට සමගාමීව 233 වන පාබල බළසේනා මූලස්ථානයේ භඨපිරිස් විසින් 2022 ඔක්තෝබර් මස (10) දින වාකරේ ප්‍රදේශයේ කොස් පැළ සිටුවීම හා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

අනතුරුව 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සෙනසුරාදා (08) දින වාලච්චාන රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී, ඉන් අනතුරුව 2022 ඔක්තෝබර් මස ඉරිදා (09) වාකරේ වෙරළබඩ වෙරළ තීරය පිරිසිදු කරීම, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2022 ඔක්තෝබර් මස සඳුදා (10) දින මින්නේරිය ආයුර්වේද රෝහලේ දී පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකිරීම සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් සිල් සමාදන් වූ ජනතාව වෙනුවෙන් සිංහපුර "ගැමුණු මහා විහාරය"ට දානමය පිංකමක් සංවිධානය කරන ලදී. තවද මෙම අවස්ථාවට නිළධාරීන් සහ සෙසු නිළයින්ද සහභාගි වූහ.