Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th March 2022 13:48:44 Hours

233 වන පාබල බලසේනාව මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල්වල ක්‍රිකට් (හාඩි බොල්) පුහුණු සැසියක් පවත්වයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් 233 පාබළ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මඩ/වාකරේ මහා විද්‍යාලයේ සහ මඩ/කතිරවේලි විග්නේෂ්වරම් මහා විද්‍යාලයේ සිසුන් සඳහා ක්‍රිකට් (හාඩි බොල්) පුහුණු සැසියක් 2022 මාර්තු 15 දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැඟෙනහිර පළාත් පුහුණුකරු ජේ.ඒ.එම්. ෆාසිල් සහ පී.කේ. අන්වර්ඩීන් යන මහත්වරුන් විසින් පුහුණු සැසිය පවත්වන ලද අතර එම සැසිය සඳහා පාසල් දෙකෙන්ම සිසුන් 35 දෙනෙක් සහභාගි වූහ. වාකරේ ප්‍රදේශයේ සිසුන්ට හාඩ්බෝල් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු පළමු අවස්ථාව මෙය වේ.

මෙම වැඩසටහන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත පවත්වන ලද අතර එය 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අධීක්ෂණය කරන ලදී.

233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, 233 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 6 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, පුහුණු කාර්ය මණ්ඩලය, පාසල් දෙකෙහිම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙම අවස්ථාවට එක් විය.