Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st March 2023 11:05:10 Hours

233 බලසේනා පහසුකම් සංකීර්ණය නැගෙනහිර ආඥාපතිගේ අතින් විවෘත කරයි

233 වන පාබල බලසේනාවේ නව පහසුකම් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 පෙබරවාරි 26 දින සහභාගී විය. 233 වන පාබල බලසේනාවේ සහ ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ පාබල බලසේනාවට අයත් බලඇණි වල ශ්‍රම දායකත්වය සමග කරනවෑමිහලක් බොජොන් හලක් සහ වෙළද සංකීර්ණය ඉදිකරන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ගේ සුරතින් යුද හමුදා සහ සිවිල් ජනතාව සඳහා පහසුකම් සංකීර්ණය විවෘත කරන ලදි. විවෘත කිරීමේ උත්සවය සඳහා 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 6 වන ගජබා රෙජිමේන්තුව සහ 3 (V) කෘෂිකාර්මික හා පශු සම්පත් බළකායේ අණදෙන නිළධාරීන් සහ වාකරේ ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් මෙම උත්සවය සදහා සහභාගි වන ලදි.