Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2025 09:12:37 Hours

233 පාබල බසේමු හා 7 ගැහේබ වෙතින් කදිරවේලි පුදුර් හි පිහිටා ඇති සරස්වති පෙර පාසලෙහි ළමුන් සදහා අවශ්‍ය ආහාර පිළියෙල කිරිම සදහා මුලුතැන්ගෙයක්.

සරස්වති පෙර පාසල කතිරවේලි පුදුර් හි පිහිටා ඇති අතර පුදුර් ගම්මානයේ සිසුන් 41 දෙනෙකුට මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙයි නමුත් මෙම පෙර පාසලෙහි ළමුන් සදහා අවශ්‍ය ආහාර පිළියෙල කිරිම සදහා මුලුතැන්ගෙයක් නොමැති විම හේතුවෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි දුෂ්කරතා මැද්දෙ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ආසේමු(නැ) ආඥාපති, මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ, 23 පාබලසේමු සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 233 පාබල බසේමු හා 7 ගැහේබ ඒකක භඨපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් යුතුව අදාල මුලුතැන්ගෙයෙහි වැඩ කටයුතු 2025.02.22 වන දින නිම කර එය සිසු අයිතියට පත්කරන ලදි.

මෙම උදාර කටයුක්ත සදහා ධන පරිත්‍යාගයන් ලබාදිම විශ්‍රාමික මේජර් ජේනරාල් පිආර් වනිගසුරිය විඑස්වි යුඑස්පි එන්ඩිසි යුඑස්එසිජිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පරිත්‍යාගයෙන් යුතුව අදාල මුථනැන්ගෙයෙහි වැඩ නිමකරන ලදි .

තවද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජේනරාල් පීඑස් සුභාත් සංජිව ආර්ඒස්පි ඒන්ඒස්සී පීඒස්සී සහ 233 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති, ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී විය.