25th April 2022 15:58:02 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 233 පාබල බළසේනාවේ භටපිරිස් විසින් 2022 අප්‍රේල් 16 වන දින 233 බළසේනා මූලස්ථානයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ අසරණ පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් 100 ක් (350,000.00 ක් වටිනා) බෙදාමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ විසින් කරන ලද ඉල්ලීම අනුව පරිත්‍යාගශීලී සුරේෂ් මහතා (මුරුගන් ව්‍යාපාරික කුරුණෑගල හිමිකරු) වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීය.
වැඩසටහන සඳහා ආඥාපති ආසේමු (නැ) සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රතිලාභීන් සහභාගී විය.