Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th August 2023 12:47:01 Hours

233 පාබල බලසේනාව විසින් කදිරවේලි තිලකාවතියර් ගැහැණු ළමා නිවාසයේ ළමුන් සදහා මානසික සුවතා වැඩසටහන් පැවැත්විම හා දිවා ආහාර වේලක් ලබාදිම

යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ආරක්‍ෂන සේනා මුලස්ථානය නැගෙනහිර බළප්දේශයේ 23 සේනාංක මුලස්ථානයට අයත් 233 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් හා අධික්‍ෂණයෙන් යුතුව මෙම පාබල බළසේනාවේ නිලධාරි/සෙසුනිලයින් විසින් දානපතියෙකු සමග සම්බන්ධවි තිලකාවතියර් ළමා නිවාසයේ ළමුන් හා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මින් සදහා දිවා ආහාර වේලක් හා ළමුන් සදහා මානසික සුවය සදහා වැඩසටහන් රැසක් 2023.08.01 වන දින සල්ලතිව් වෙරළ තිරයේදි පවත්වන ලදි මෙම වැඩසටහනට සමගාමිව ළමා නිවාසයේ ළමුන් 29 දෙනෙකු සදහා පාසල් පොත් හා ඇදුම් බෙදාදිම සිදු කරන ලදි .

මෙම උත්සව අවස්ථාව සදහා 233 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි 233 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා දානපතියන් ඇතුලුව මෙම පාබල බසේමු අයත් නිලධාරි/සෙසුනිලයින් 02x15ක භඨපිරිස් ප්‍රමාණයක් යුධ හමුදාව නියෝජනය කිරිම සදහා සහභාගි වන ලදි.