?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st September 2025 09:25:30 Hours

232 වන පාබළ බළසේනාවේ බළසේනාධිපති ලෙස තනතුරේ වැඩ භාර ගන්නා ලදී

කර්නල් ටීකේඩී ධර්මසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 232 වන පාබළ බළසේනා මූලස්ථානයේ 22 වන බළසේනාධිපති වශයෙන් 2025 අ‍ගෝස්තු 30 වන දින ආගමික වතාවත් සදහා මුල් තැන දෙමින් චාරිත්‍රානුකූලව වැඩ භාර ගන්නා ලදී. යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් 232 වන පාබළ බළසේනා මූලස්ථාන පරිශ්‍ර‌යේදී කඳවුරු මුරයකින් එතුමන්හට ගෞවුරවය පුදකල අතර,බළසේනා මූලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞවුරවයයෙන් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්වලින් අනතුරුව, ආගමික ආශිර්වාදය සමගින් බළසේනාධිපතිතුමන් තම කාර්යාලයේදී නිල ලේඛනයට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරීන් ආරම්භ කරන ලදී. මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් ටීකේඩී ධර්මසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් අණදෙන නිලධාරීන් හා පාබල බළසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටි අතර, පැළයක් රෝපණය කිරීම සිදු කිරීමෙන් පසු නව බළසේනාධිපතිතුමන් භඨපිරිස් අමතන ලදි.

පසුව,බළසේනාධිපතිතුමන්ගේ කාර්යාලයේදී බළසේනා මූලස්ථාන නිලධාරීන් විසින් නව බළසේනාධිපතිතුමන් හට 232 බළසේනා මූලස්ථාන බළප්‍රදේශය පිළිබද දැනුවත් කරන ලදි. මෙම උත්සව අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්, බළසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී විය.