Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th May 2022 11:31:37 Hours

232 වන පාබල බළසේනාවේ බළසේනාධිපති වැඩ භාරගනී.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් එස් පී මලවරගේ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තොප්පිගල 32 වන පාබල බළසේනාධිපති ලෙස 2022 මැයි මස11දින යෙදුණු සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

එතුමන් කඳවුරු පරිශ්‍රයට පැමිණීමෙන් පසු භඨපිරිස් විසින් සම්මාන මුරයක්ද පිරිනමමින් එතුමන් උණුසුම් අයුරින් පිලිගන්නා ලදී. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමඟින් ආගමික වතාවත්වල නිරත විය.

වැඩ භාර ගැනීමෙන් පසු කර්නල් එස් පී මලවරගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී ආර්එස්පී යූඑස්පී අයිජී විසින් නිළධාරීන් සහ සෙසුනිළයින් ඇමතීය. මෙම නව පත්වීමට පෙර ඔහු මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති මුලතිව් දිස්ත්‍රික්කයේ 59 වන පාබල සේනාංකයේ කර්නල් ජී.එස්. ලෙසද රාජකාරී කරන ලදී.