Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2023 09:18:08 Hours

232 පාබල බළසේනාව විසින් කරදියනාරු මහ විද්‍යාලයේදි අ.පො.ස (උ.පෙළ) සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව මඩකලපුව බටහිර අධ්‍යාපන කලාපයට අයත් විද්‍යාල 5 ක 2023 වර්ෂයේ අපොස (උසස් පෙළ) විභාගය සදහා පෙනි සිටිමට නියමිත සිසු දරුදැරියන් 91 සදහා විෂයන් 12 ක් ආවරණය වන පරිදි ඉලක්කගත සම්මන්ත්‍රණය මාලාවක් 23 වන පාබල සේනාංකයේ මග පෙන්විම යටතේ 232 පාබල බලසේනා මුලස්ථානයේ අධික්‍ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණියේ දායකත්වයෙන් පැවැත්විමට කටයුතු සම්පාදනය කර ඇත. එහි සමාරම්භක උත්සවය 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් කරදියනාරු මහ විද්‍යාලයේදි 2023.12.05 වන දින පවත්වන ලදි.

මෙම ප්‍රජා සත්කාරය සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්විම හා 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒ පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය යටතේ සිදුකරනු ලබන අතර, පුර්ණ දායකත්වය 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස් පි අයි එච් සේනානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු සියළුම නිළයින් විසින්ද සිදුකරනු ලබයි.

මඩකලපුව බටහිර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක, නියෝජ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක (සංවර්ධන) හා පාසල් වල විදුහල්පති වරුන් හා ගුරුවරුන් 13 දෙනෙකු හා සිසු දරුදැරියන් 70 දෙනෙකු, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා 4 ගැහේබ අණදෙන නිලධාරි ඇතුලු 4 ගැහේබ අනෙකුත් නිලධාරීන් හා සෙසුනිලයින්ද සහභාගි විය.