Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd January 2023 17:29:08 Hours

232 පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි ආරම්භ කරයි.

තොප්පිගල - මඩකලපුවේ පිහිටි 232 පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ කර්නල් අසිත පුෂ්ප කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරි 18 වන බළසේනාධිපති ලෙස 2022 දෙසැම්බර් 31 වන දින රාජකාරි භාර ගන්නා ලදී.

232 පාබල බලසේනාවේ අභිනවයෙන් පත්වු නව බලසේනාධිපති මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පිවිසුම් දොරටුව අසලදී කදවුරු සම්මාන මුරයක් පිරිනමා උපහාර දක්වන ලදී. ඉන් පසුව නව බලසේනාධිපති සිය කාර්යාලයේදී ආගමිකවතාවත් සිදුකිරිමෙන් පසු හමුදා සම්ප්‍රධානුකූලව ලිපියකට අත්සන් තබමින් නිල වශයෙන් නව ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

තවද , එම අවස්ථාව සිහිකිරීම පිණිස පැළයක් සිටුවී‌මෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් ආමන්ත්‍රණය කිරිමෙන් පසු තේ පැන් සංග්‍රහයට සහභාගිවි සමුහ ඡායා රූපයකටද පෙණිසිටින ලදි. මෙම අවස්ථාව සඳහා බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි විය.