30th March 2025 12:15:29 Hours
ආරක්ෂක සේනා -(නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ උපදෙස් මත, හේමාස් (පුද්) සමාගමේ අනුග්‍රහය ඇතිව, 231 වන පාබල බලසේනාව සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් හි සහභාගීත්වයෙන් 2025 මාර්තු 28 වන දින මහවැලි, ප්‍රතිභා ශාලාවේ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුල් 80 කට වියළි සලාක මළු බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට ආරක්ෂක සේනා -(නැගෙනහිර) ආඥාපති, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති, 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී,ජ්‍යෙෂ්ඨ,කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, හේමාස් (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී, පොලිස් නිලධාරීන්, මහවැලි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය සිවිල් වැසියන්ද සහභාගී විය.