Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2022 11:00:51 Hours

231 වන පාබල බළසේනාව හා 4 වන ගැමුණු හේවා බළඇණිය එක්ව උන්නච්චිය "ධීවර සමිති" ශාලා පරිශ්‍රයේදී වියළි සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ආරක්‍ෂක සේනා - නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ‌ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ‌ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ‌ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස (10) දින උන්නච්චිය "ධීවර සමිති" ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

73 වැනි යුද හමුදා සංවත්සරයට සමගාමීව අඩු ආදායම් ලාභි පවුල් සඳහා රුපියල් 4000.00 බැගින් වටිනා වියළි සලාක ඇසුරුම් 40 ක් බෙදා දෙන ලද අතර මෙම වැඩසටහන සඳහා පවුල් 40 ක් සහභාගී විය.

තවද, 231 වන පාබල බළසේනාවේ බළෙස්නාධිපති, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 231 වන පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිළධාරී, 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ සහ අ‌ෙනකුත් නිළධාරී සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා එක් විය.