Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th May 2023 11:53:50 Hours

231 බලසේනාවේ භට පිරිස් "LITTLE SISTERS OF THE POOR'' වැඩිහිටි නිවාසයට දිවා ආහාරය සපයයි

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාරගේ මඟපෙන්වීම යටතේ 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සඳුදා (මැයි 15) දින "LITTLE SISTERS OF THE POOR'' වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

පිරිමි සහ කාන්තා වැඩිහිටියන් 23ක් වැඩිහිටි නිවාසයේ සිටි අතර, රසවත් දිවා ආහාරය සපයා, ඔවුන් සමඟ සතුටුදායක ලෙස දවසක් ගත කළහ. තවද, අත්‍යවශ්‍ය අවශ්‍යතා වැඩිහිටියන් අතර සහ වැඩිහිටි නිවාස සඳහා බෙදා දෙන ලදී. එස්ඩීකේ කුමාරි මහත්මියගේ අනුග්‍රහය ඇතිව උත්සවය සාර්ථක වූ අතර දායකත්වයේ වටිනාකම රු. 50000.00.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහභාගි විය. මෙම වැඩසටහන සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා, 231 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරී ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ ඇතුළු බලසේනාවේ භට පිරිස් සහභාගී වූහ.