Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th February 2022 14:27:39 Hours

231 බලසේනාව හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය එක්ව ඇඟලුමි කර්මාන්තශාලා සේවකයින් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලබාදෙති

යුද්ධ හමුදා රෝහල් වෛද්‍ය බලකා සමාජිකයින් සහ 4 වන ගැමුණු හේවා බලකාය එක්ව සිදුකරනු ලබන තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරියමිපති පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන් ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හී සේවකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ලබාදෙනු ලබන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (09) දින පවත්වනු ලැබිණි.

මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු යුද්ධ හමුදා රෝහල වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව 231 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර විසින් සිදුකරන ලදී. මෙම වැඩසටහනේදී එන්නත් මාත්‍රාවන් දෙකක් ලබාගෙන සිටි ඇඟලුමි කර්මාන්තශාලා සේවකයින් සඳහා එන්නත්කරණය කරන ලදි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මඩකලපුවෙ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන් ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හී මෙම එන්නත්කරණය සිදුකළහ.

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරන ලදී.