Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2022 12:24:52 Hours

231 පාබල බලසේනාව මඩකලපුව ළමා නිවාසයට තෑගි පොදි බෙදා දෙයි

231 පාබල බලසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් 2022 දෙසැම්බර් මස 1 වන දින මඩකලපුව, ඕසානම් ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා තෑගි පොදි බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම් යටතේ පවත්වන ලද අතර, මෙම පරිත්‍යාගය සඳහා මුල්‍ය දායකත්වය කොළඹ පදිංචි මිහිරි ද සිල්වා මහත්මිය විසින් ලබා දුන් අතර මෙම වැඩසටහනෙන් අනතුරුව ළමා නිවාසයේ දරුවන් වෙත රසවත් දිවා ආහාරයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාව සදහා 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, මිහිරි ද සිල්වා මහත්මිය, සිවිල් සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.