Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th November 2022 14:54:03 Hours

231 පාබල බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය සමරයි.

231 පාබල බලසේනා මූලස්ථානය - මඩකලපුව 11 වන බලසේනා සංවත්සරය 2022.11.11 වන දින පවත්වන ලදී.

සංවත්සර පැවැත්වීමේ වැඩසටහන ආරම්භයේ දී 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුලිප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරීව මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, කදවුරු ඇතුල්වීමේ දොරටුව අසලදී කදවුරු මුරය විසින් ‌ගෞරවය පුදකිරීමෙන් පසුව නිලධාරින් සහ සෙසුනිලයින් සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. ඉන් අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතන ලද අතර, 231 වන පාබල බලසේනා මූලස්ථානයේ සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් දිවා භෝජන සංග්‍රහයේදී හමුවමෙන් පසු 11 වන සංවත්සරය මෙසේ සනිටුහන් කරන ලදී.