07th October 2022 10:37:59 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ආර්ඩබ්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය මත 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2022 ඔක්තෝබර් මස (03) දින මංගලගම ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේදී වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
ඒ අනුව, ප්‍රමාණවත් ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/= බැගින් වටිනා වියළි සලාක අසුරන 75ක් සහ රුපියල් 10,000/= බැගින් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් 30ක් ගැබිණි මව්වරුන් අතර බෙදා දෙන ලදී.
තවද, මෙම අවස්ථාව සදහා 231 වන පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි, ලුතිනන් කර්නල් ධම්මික වීරසිංහ, 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නිළධාරීන් සහ සෙසුනිළයින් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට එක් විය.