Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th July 2023 20:38:35 Hours

231 බලසේනාව දෙමළ තරුණයාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට උපහාර දක්වයි

මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන තවේන්ද්‍රන් මධුෂිගන් මහතා 2023 මැයි 05 වන දින ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා පිහිනා ගොස් මෙම ස්ථානයට පැමිණි 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය. ඔහු එම දුර පිහිනීමට පැය 12 විනාඩි 58ක් ගත කළේය. එබැවින් ඔහුට උපහාර දැක්වීම සඳහා 231 පාබල බලසේනාව විසින් උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.

2023 ජූලි 04 වන දින 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම උපහාර උළෙල සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - මඩකලපුව කොට්ඨාසය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - මඩකලපුව, විදුහල්පති ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකලපුව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් කොමසාරිස් සහ ටී. මධුෂිගන් මහතා ඔහුගේ දෙමාපියන් සමඟ සහභාගී විය.

මෙම අවස්ථාවෙහිදී, බලසේනාධිපති විසින් ඔහුගේ දස්කම් අගයනු වස් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලද අතර, මඩකලපුව MJF සිංහ සමාජය විසින් මුදල් ත්‍යාගක් ද පිරිනමන ලදී.