Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th November 2022 11:21:19 Hours

23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් බළඇණි පුහුණුව සාර්ථකව නිම කරයි

23 පාබල සේනාංකයේ පාබල බලඇණි පුහුණු පාසලේදී 2022 අගෝස්තු 05 සිට 2022 ඔක්තෝබර් 22 වන දින දක්වා පුරා දින 48 නිළධාරින් හා සෙසුනිළයින් 382 ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබු බළඇණි පුහුණු පඨමාලාව 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් සාර්ථකව නිම කරන ලදී.

මේ අතර, අවසන් ඉදිරිපත් කිරීමේ නිවර්තනය “රන්දෙණිවෙල සටන” 2022 ඔක්තෝම්බර් 21 වන දින සවස 23 පාබල සේනාංක බලඇණි පුහුණු පාසලේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, නැගෙනහිර බ්‍රිගේඩියර් මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන් හා 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව ඔක්තොම්බර් 22 වන දින සමාප්ති දේශන උත්සවය සහ සහතිකපත්‍ර ප්‍රධානය කිරිම 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පූනානි බලඇණි පුහුණු පාසලේදී සංවිධානය කරන ලද අතර, විශිෂ්ට දක්‍ෂතා ඇති අයවලුන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය සේනාංකාධිපති විසින් සිදු කරන ලදී. සමාප්ති උත්සවය සදහා 233 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති, 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, බලඇණි පුහුණු පාසලේ උපදේශකවරුන් සහ 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේනිතුවේ අණදෙන නිළධාරි, නිළධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.