Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th May 2024 14:39:09 Hours

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සදහා ගර්භනී අවදියේ අවශ්‍ය උපකරණ සහ වියලි සලාක මලු බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදි.

23 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පි කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 231 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති, 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි , 12 ගැහේබ අණදෙන නිලධාරි සහ 3 (සෙව්) විපාරෙ අණදෙන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මැදිරිගිරිය බල ප්‍රදේශයට අයත් ගැබිණි මවුවරුන් 50 දෙනෙකු හට ගර්භනී අවදියේ අවශ්‍ය උපකරණ සහ වියලි සලාක මළු ප්‍රමාණයක් ලබාදෙන ලදි.

එම අවස්ථාවේදි මැදිරිගිරිය බල ප්‍රදේශය තුල රාජකාරි ඉටුකරනු ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවන් 05 දෙනෙකු සහ ආර්ථික අපහසුතවයෙන් පෙලෙන දිලිදු පවුල් 02ක් වෙනුවෙන් වියලි සලාක මළු බෙදාදි ඔවුන් සියළු දෙනා හට එදින දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන් 2024.05.19 දින හිගුරක්ගොඩ තාරුකා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන වෙනුවෙන් මුල්‍යමය අනුග්‍රහය උද්‍යානි මුණසිංහ මහත්මිය හා පවුලේ සාමාඡිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් සිදුකර ඇත.