26th June 2025 12:02:15 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 22 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදි.
එතුමන් එම ධුරයෙන් නික්මයාමට මත්තෙන් 2025 ජුනි මස 21 වන දින සේනාංක මූලස්ථානයෙදී යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයක් සහ සම්මාන මුරයක් 7 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ භඨපිරිස් වෙතින් පුද කරනු ලැබූහ.
ඉන් අනතුරුව සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් සමග සමූහ ජායාරූපයකට පෙනී සිටීමෙන් පසු භඨපිරිස් ඇමතූ එතුමන් සිය ධූර කාලය තුල රාජකාරිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සියලු නිලයින් දක්වන ලද සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කල අතර එන් පසු සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද එතුමන් සහභාගි වන ලදි.
2025 ජුනි මස 22 වන දින සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් පෙළ සැදී 23 වන පාබළ සේනාංකයෙන් නික්ම යන අවස්ථාවේදී එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉදිරි දිවියට සුභාශිංෂණ ප්‍රාර්ථනා කරමින් තම ගෞරවය හා ආචාරය පුදකළේය.