Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th September 2022 08:13:27 Hours

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් “ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතය” පිළිබදව දේශනයක් නිලධාරීන් සඳහා පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් අර් පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 සැප්තැම්බර් මස 02 සිට 06 වන දින දක්වා කාලය තුළ දි “ත්‍රස්තවාදී න්‍යාය සහ භාවිතය” යන තේමාව යටතේ 22 සහ 24 වන පාබල සේනාංකයන්හි නිලධාරීන් සඳහා දේශනයක් පවත්වන ලදි.

එම දේශනය සදහා 22 වන පාබල සේනංකයේ නිළධාරින් 47 දෙනෙකු හා 24 වන පාබල සේනාංකයේ නිළධාරින් 40 දෙනෙකු සහභාගි විය.