Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st May 2024 15:22:07 Hours

23 වන පාබල සේනාංකයේ සේනංකාධිපති 231 වන පාබල බලසේනාවේ සංචාරයක් සිදු කරයි.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පි කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි නවතමයෙන රාජකාරි ආරමිභ කිරිමෙන් පසු 231 පාබසේමු සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය 2024 මැයි මස 17 වන දින සිදු කරන ලදී.

231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති සහ 7 වන ශ්‍රීලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති පැමිණීමෙන් පසු උණුසුම් ලෙස පිළිගන්නා ලදී. 231 බළසේනාධිපති සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් 231 පාබසේමු සහ ඒකකයේ වගකීම්, කාර් ්‍ය භාරය සහ වත්මන් තත්වයන් තුළ ඔවුන් මූහුණ දෙන අභියෝග පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

තවද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් 71 වන බතරොයිය නිකපිටිය ප්‍රදේශයේ නිරික්‍ෂණ සංචාරයක යෙදුනු අතර, මෙම සංචාරයන්හි වැදගත්කම සනිටුහන් කිරීම සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් 231 පාබසේමු තුල නා පැළයක් සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවේ අඔ පැළයක් ද රෝපණය කිරීමත් පසුව අමුත්තන්ගේ පොතෙහි සටහනක්ද තබමින් සංචාරය අවසන් ක‍ළේය.