Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st December 2023 22:33:09 Hours

23 වන පාබල සේනාංකයේ භටපිරිස් මඩකලපු දිස්ත්‍රීක්කයේ ගංවතුරෙන් හානිවු මාර්ග පිළිසකර කරයි

මඩකලපුව දිස්ත්‍රික්කය තුල පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් මාදුරුඔය හා වාලච්චේන ආරුවෙහි ජල මට්ටම ඉතා සීඝ්‍ර ලෙස ඉහලයාම හේතුවෙන් කිරාන්, පුලිපංචිකල් ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ඇතිවිය. එම හේතුවෙන් කිරාන් සිට පුලිපංචිකල් හරහා වඩුමුනේ, කුඩිම්බිමලේ, තොප්පිගල හා පෙරියවඩ්ඩුවාන් දක්වා දිවෙන මාර්ග පුරා සති දෙකකට ආසන්න කාලසීමාවක් ස්ථාන කිහිපයක් ජලය අඩි 5 - 7 අතර මට්ටමකින් යටවී ගමනා ගමනයට බාධා ඇතිවිය. එමගින් කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රාශියක ජනතාව දැඩි අසීරුතාවයකට පත්වන ලදි.

අධික වැසි තත්වය පහවයාමත් සමගම මාදුරුඔය හා වාලච්චේන ආරුවෙහි ජල මට්ටම බැසයාම හේතුවෙන් ජලයෙන් යටවී පැවති ප්‍රදේශ සාමාන්‍ය තත්වයට පත්වුවද කිරාන් සිට පුලිපංචිකල් හරහා කුඩුම්බිමලේ, තොප්පිගල හා පෙරියවඩ්ඩුවාන් දෙසට දිවෙන මාර්ගය ස්ථාන කිහිපයක්ම පැවති ගංවතුර තත්වය හේතුවෙන් ඛාදනයට ලක්ව විශාල ලෙස වලවල් සෑදී ගමනා ගමනයට බාධා ඇතිවිය.

එබැවින් එම තත්වය අවම කරලීම සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 232 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඒ පුෂ්ප කුමාර ආර්ඩබිලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීමෙන් 232 වන පාබල බළසේනාවේ භටපිරිස් හා 12 ශ්‍රීලංජාආබමු ඒකක භටපිරිස් එක්ව‍ යන්ත්‍ර සූත්‍රද උපයෝගී කරගනිමින් අදාල මාර්ගය පිළිසකර කර මගී ජනතාවගේ අවශයතාවයන්ට අනුව ප්‍රවාහන පහසුකම් පවත්වාගෙන යා හැකි පරිදි 2023.12.26 වන දින යථාතත්වයට පත්කරන ලදී.