28th June 2025 13:36:46 Hours
23 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී පී පී කුලතිලක එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 26 වන දින 7 වන ශ්‍රීලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මංගල සංචාරය සිදු කළේය. සේනාංකාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් පසු එතුමන් හට හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඒකක අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ටී එම් සී බී තෙල්වඩන ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී විසින් සේනාංකාධිපතිතුමන් ඉතා උණුසුම්ව පිලිගන්නා ලදී.
සංචාරයේ වැදගත්කම සනිටුහන් කිරීම සඳහා සඳුන් පැළයක් සිටුවීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීම, කඳවුරු සංචාරය, සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු සේනාංකාධිපතිතුමන් විසින් අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව සංචාරය නිමා විය.
මෙම අවස්ථාව සදහා 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, එම් ජී ඒ මලන්දෙණිය ආර්එස්පී, 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරී I (ක්‍රියා) ලුතිනන් කර්නල් ජී ආර් ආර් කේ එස් ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී යන නිලධාරීන් මෙම සංචාරයට සඳහා එක්විය.