Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th July 2023 12:35:10 Hours

23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව දමිල පාසලක් වෙත පාසල් උපකරණ ක්‍රිඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදෙයි.

23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව මඩ/කකු කිරිම්ච්චෝවෙයි දමිල මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන පාසැල් සිසු දරු දැරියන් 30 දෙනෙකු වෙනුවෙන් රු 150000 වටිනා පාසැල් පොත් පත් හා ක්‍රීඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදීමෙහි වැඩසටහනක් 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 6 වන ගජබා රෙජිමේන්තුව හා 233 පාබල බලසේනා මූලස්ථාන විසින් 2023.07.22 වන දින සංවිධානය කරන ලදි.

මෙම උත්සවය සඳහා 23 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි, 233 පාබල බලසේනාධිපති කර්නල් ඒකේසීඑස් සිල්වා ආර්එස්පි, 23 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ නිලධාරී කර්නල් කේඑස්පි පොතුපිටිය යුඑස්පි පිඑස්සි අයිජී, කර්නල් (පාලන/භකාස) කර්නල් එම්එම්ඩබ්ලිව් රූපසිංහ, කර්නල් සම්බන්ධිකරණ සෙව් කටයුතු කර්නල් කේඑච් පෙරේරා ආර්එස්පි, සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් එස් හෙට්ටිආරච්චි, 233 පාබල බලසේනා සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඊඑල්කේඑන්ආර් එදිරිසිංහ, 6 වන ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරී ආර්එම්එල්අයි රත්නායක යුඑස්පි ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම උත්සවය සඳහා සහභාගී විය.