Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th June 2024 11:37:42 Hours

23 වන පාබල සේනාංක බළප්‍රදේශයේ නිලධාරීන්ගේ සහ සෙසුනිළයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නොබැඳි සිතියම් මෘදුකාංග පිළිබඳ වැඩමුළුව පවත්වන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පී කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව 23 පාබල සේනාංක බළප්‍රදේශයේ ස්ථානගත පාබල බලසේනාවන්හි සහ යටතේ ස්ථානගත බලඇණිවල රාජකාරී කරනු ලබන භඨපිරිස් සඳහා නොබැඳි සිතියම් හැසිරවීමේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩමුළුවක් 2024 ජුනි 12 වන දින පූනානි හිපිහිටි 23 වන පාබල සේනාංක මූලස්ථාන දේශන ශාලාවේ පවත්වන ලදී. මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ උපදේශක රාජකාරී කරනු ලබන 4 විශේෂ බලකා ඒකකයට අයත් සෙ/324730 මාණ්ඩලික සැරයන් අමරදාස එම්එම් ජ්‍යෙෂ්ඨ කොනොනි ඇතුලු කොනොනීන් දෙදෙනෙකු විසින් මෙම වැඩමුළුව පවත්වනලදී.

මෙම වැඩමුළුව සදහා 23 පාබල සේනාංක මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සමග පාබල බලසේනාවන්හි සහ යටතේ ස්ථානගත බලඇණිවල නිලධාරීන් 21 දෙනෙකු ඇතුලු සෙසු නිළයින් 103 දෙනෙකු සහභාගී වූ අතර, සැසිවාරය නොබැඳි සිතියම් මෘදුකාංග පිළිබඳව භඨපිරිස් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලදී. එහිදී නොබැඳි සිතියම ස්ථාපනය කිරීම, සැකසුම්වින්‍යාස කිරීම, මාර්ග ලක්ෂණ නිර්මාණය කිරීම, මාර්ග සැකසීම, ප්‍රදේශ සහ චර්යාවන්ස් වයංක්‍රීය කිරීම ඇතුළු විවිධ අංශ ආවරණය වන පරිදි මෙම වැඩමුළුව පවත්වන ලද අතර, මෘදුකාංගය හැසිරවීමේදී අන්තරායන් වළක්වාගැනීමේ වැදගත් කමද අවධාරනය කළේය.