?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th January 2026 12:30:48 Hours

23 පාබළ සේනාංක මූලස්ථානයේදී පාලන හා භකාස සාකච්ඡාවක් පැවත්වන ලදි.

මෙම සාකච්ඡාව සදහා භකාස අණසක ආඥාපති (නැගෙනහිර), 23 පාබළ සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්ෂක සේනාව (නැගෙනහිර), 231, 232 සහ 233 පාබළ බළසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 23 පාබළ සේනාංක මූලස්ථානයේ කර්නල් පාලන හා භකාස, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, භකාස අණසක (නැගෙනහිර) යටතේ සේවා සහ සැපයුම් ඒකකවල අණදෙන නිලධාරීන් සහ සේනාංකය යටතේ ස්ථානගත බළ ඇණි වල අණදෙන නිලධාරීන් සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ සේනාංක බළප්‍රදේශයේ වත්මන් පාලන හා භකාස තත්ත්වයන් සමාලෝචනය කිරීම, පවතින අභියෝග හඳුනාගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර සකස් කිරීමයි. පාසේමු, පාබසේමු හා ඒකකයන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, වගවීම වැඩිදියුණු කිරීම සහ පාලන හා භකාස කාර්යයන් කාලෝචිත හා නිවැරදිව ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

තවද මෙම සාකච්ඡාව අතරතුර, ඒකක වලට බලපාන ප්‍රධාන පරිපාලන හා සැපයුම් ගැටළු විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර, හඳුනාගත් අඩුපාඩු සපුරාලීම සඳහා පැහැදිලි නියෝග නිකුත් කරන ලදී. ඵලදායි භාවිතයන් ශක්තිමත් කිරීමට සහ මෙහෙයුම් අවශ්‍යතා සමඟ සැපයුම් ක්‍රියාපටිපාටි පෙළගැස්වීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

මෙහෙයුම් සූදානම පවත්වා ගැනීමේදී මෙන්ම යුද්ධ හමුදාව තුල වර්තමාන සහ අනාගත කැපවීම් සඳහා සහායවීමේදී පාලන හා භකාස කටයුතුවල තීරණාත්මක කාර්ය භාරය මෙම සාකච්ඡාව මගින් වැඩි දුරටත් අවධාරණය කරන ලදී. ගනු ලබන තීරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, සහතික කිරීම මෙන්ම ඒ පිළිබදව නැවත නැවත පසුවිපරම් කිරීම ආදිය පිළිබදව පැහැදිලි මඟ පෙන්වීමක් ලබාදීමෙන් පසුව මෙම සාකච්ඡාව අවසන්විය.