26th June 2025 12:06:26 Hours
මේජර් ජෙනරාල් ජී පි පි කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 23 වන පාබළ සේනාංකයේ 29 වන සේනාංකාධිපති වශයෙන් 2025 ජුනි මස 23 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.
හමුදා සම්ප්‍රදායන්ට අනුව 7 වන ගැමුණුහේවා බළඇණි භඨපිරිස් විසින් 23 වන පාබළ සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් එතුමන් හට ගෙ!රවය පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෙ!රවයෙන් පිළිගන්නා ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායිවලින් අනතුරුව, ආගමික ආශිර්වාදය සමගින් සේනාංකාධිපති තුමන් තම කාර් යාලයේදී රාජකාරි භාරගැනීමේ නිල ලේඛනයට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරීන් ආරම්භ කරන ලදී.
මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් ජී පි පි කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලද අතර, බළප්‍රදේශයේ බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් හා සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපවලට ද පෙනී සිටි නව සේනාංකාධිපති තුමා සියලුම භඨපිරිස් ඇමතීමෙන් පසු මෙම උත්සවය සදහා පැමිණ සිටි සියලුම නිලයන් සමග සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද එක්වන ලදී.
පසුව, සේනාංක මුලස්ථාන දේශණ ශාලාවේදී නව සේනාංකාධිපති තුමන් හට 23 පාබළ සේනාංක බළප්‍රදේශය පිළිබද දැනුවත් කිරීමක් සිදුකල අතර, මෙම අවස්ථාව සදහා පාබළ බලසේනාවන්හි බළසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිළධාරීන්, සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්සහභාගී වූහ.