Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th July 2023 13:54:08 Hours

23 පාබල සේනාංකය හා ශ්‍රි ලංකා මාධ්‍ය සංසදය ඒකාබද්දව ආධාර බෙදාදිමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රි ලංකා මාධ්‍ය සංසදය සහ යුද්ධ හමුදාව එකාබද්ධ වි ආධාර බෙදා දිමේ වැඩසටහනක් 2023.07.19 වන දින ඔඩ්ඩමාවඩ්ඩ් ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වු අතර, මෙම අවස්ථාවේදි පාසල් සිසුන් 100 ක් සදහා රු: 1000.00 ක් බැගින් වු මුල්‍ය ආධාර බෙදා දුන් අතර, එය ඔවුන්ගේ උසස් අධ්‍යාපනය නිමාවන තුරු අඛණ්ඩව මාසයක් පාසා ලබා දිමට කටයුතු සිදු කර ඇත. එමෙන්ම මනම්පිටිය කොටලිය පාලමේදි බස් රථයක් පෙරලිමේන් සිදුවු අනතුරෙන් මියගිය පවුල්වල සාමාජිකයින් සදහා රූ100,000.00 බැගින් ආධාර මුදලක් ලබා දිමද සිදු විය.

4 වන ගැමුණු හේවා බළඇණිය හා 6 වන ගජබා රෙජිමේන්තුව විසින් මෙම උත්සව අවස්ථාව සංවිධානය කල අතර, ශ්‍රි ලංකා මාධ්‍ය සංසදය විසින් මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. තවද ආරාධිතයින් වශයෙන් 23 වන පාබල සේනාංකාධිපති, 232 සහ 233 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, ආසේමු (නැ) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරන නිළධාරි, 23 වන පාබල සේනාංකයේ සහ 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරන නිලධාරින්, 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, ශ්‍රි ලංකා මාධ්‍ය සංසදය අධ්‍යක්‍ෂක සහ ලේකම්, ප්‍රාදේශිය ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන් හා තවත් රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.