Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th August 2024 09:05:16 Hours

23 පාබල සේනාංකය විසින් බදාදා පුහුණු දිනයට සමගාමීව “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සහ පවතින නීතිමය රාමුව” පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ, 2024 අගෝස්තු 07 වන දින, 23 වන පාබල සේනාංක මූලස්ථානයේදී කාලීන වැදගත්කමකින් සමන්විත දේශනයක් පවත්වන ලදී. මෙහිදී වත්මන් සමාජයේ කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන අපයෝජනයන් වැලැක්වීම පිළිබඳ දැනුවත් භාවය ඇති කිරීම සදහා වර්තමාන සමාජ පවතින උදාහරණ භාවිතා කරමින් දේශනය සිදුකරන ලදි.

දේශනයේ පරමාර්ථය වූයේ බාලවයස්කාර ළමුන් අපයෝජනය, කාන්තා හිංසනය, ගෘහස්ථ හිංසනය ඇතුළු විවිධ අපයෝජනයන් සහ එහිදී පැන නගින ගැටළු පාලනය කිරීම සදහා පවතින නීති පිළිබඳව භඨපිරිස් දැනුවත් කිරීමයි.

මෙම දේශනය සඳහා සේනාංක මුලස්ථානයේ රාජකාරී කරනු ලබන 08 x 140 භඨපිරිසක් සහභාගී විය. වාලච්චේන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා සමුද්‍රා නිලන්ති මහත්මිය විසින් දේශනය පවත්වන ලදී.

සමාජයේ අවදානමට ලක්වියහැකි කණ්ඩායම්වලට ඇති වන ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනයන්ට එරෙහිව ආරක්ෂිත සහ දැනුවත් ප්‍රජාවක් පෝෂණය කිරීම සඳහා 23 වන පාබල සේනාංකයේ කැපවී මහා ක්‍රියාශිලි දායකත්වය අවධාරනය කරයි.