?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th July 2025 10:34:42 Hours

23 පාබල සේනාංකය 28 වැනි සංවත්සර සැමරුම උත්සවාකාරයෙන් සමරයි

23 වන පාබල සේනාංකය 2025 ජූලි 23 වන දින අභිමානවත් ලෙස සිය 28 වන සංවත්සරය සමරන ලදී. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී පී පී කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම සහ සහභාගීත්වය යටතේ මෙම අවස්ථාව සැමරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

28 වන සංවත්සර උත්සවයට සමගාමීව සේනංකයට හා සියලු නිලයින්ට සෙත්පතා 2025 ජූලි 22 වන දින ආගමික වතාවක් කටයුතු සංවිධානය කරන ලදී.

23 පාබල සේනාංක විහාරස්ථානයේදී බෝධිපුජා පිංකමක් පැවැත්වීම.

පුනානි මයිලන්තැන්න සාන්ත අන්තොනි දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් සිදුකිරීම.

පුනානි හින්දු කෝවිලේදී හින්දු ආගමික වතාවත් සිදුකිරීම.

හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් හට 2025 ජුලි 23 වන දින 23 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍ර‌යේදී 7 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් විසින් කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ගෙ!රවය පුදකල අතර සේනාංක දින සැමරුම සනිටුහන් කරමින් සේනංක විහාරස්ථානය ඉදිරිපිට පැළයක් රෝපණය කර සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සියලු නිළ සමූහ ඡායාරූපවලට ද සහභාගි විය. සේනංකාධිපති තුමන් විසින් සියළු නිලයන් අමතා සුභාෂින්සනයන් පිරිනමන අතර ඉන් අනතුරුව සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සියලු නිළ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි.

තවද සේනාංක 28 වන සංවත්සරයට සමගාමීව සියළු නිලයන් එක්ව 2025 ජුලි මස 24 වන දිනය පුරාවට ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී.