19th November 2024 09:48:37 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කර්නල් අයි ජේ වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 නොවැම්බර් 16 වන දින 23 වන පාබල සේනාංක මූලස්ථානය පුනානි හිදී 22 වන කර්නල් (පාලක/භකාස) ලෙස තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
මෙම අවස්ථාව සදහා 23 පාබල සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව කර්නල් ඉන්දුක වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී සුභ මොහොතින් නව පත්වීම භාර ගැනීම සිදුකරන ලදි.