Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th June 2023 10:11:21 Hours

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් සිය ධුරයෙන් නික්ම යන ලදී

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුනි මස 05 වන දින සිය ධුරයෙන් නික්ම යන ලදී. එතුමන් එම ධුරයෙන් නික්ම යාමට මත්තෙන් 2023 ජුනි මස 05 වන දින සේනාංක මුලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයක් සහ සම්මාන මුරයක් 6 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් පුද කරනු ලැබූහ.ඉන් අනතුරුව සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ සෙසුනිලයින් සමග සමූහ ජායාරූපයකට පෙනී සිටීමෙන් පසු භඨ පිරිස් ඇමතු එතුමන් සියධුර කාලය තුල එතුමන් හට දැක්වූ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කලේය.

2023 ජුනි මස 6 වන දින සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරි, නිළධාරි සහ සෙසුනිලයින් පෙල සැදී එතුමන් 23 වන සේනාංක මුලස්ථානයෙන් නික්ම යන අවස්ථාවේදී එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව අවසන් ගෞරවය පුද කරන ලදී.