Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd February 2023 20:30:10 Hours

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මින්නේරිය යුධ හමුදා මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරයි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 23 වන දින මින්නේරිය යුධ හමුදා මූලික රෝහල් සංකීර්ණයේ යටිතල පහසුකම් සහ වෛද්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහල වෙත යන ලදි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මින්නේරිය යුධ හමුදා මූලික රෝහල වෙත පැමිණි අතර, මින්නේරිය යුධ හමුදා මූලික රෝහලේ වැඩබලන නිලධාරී අණදෙන මේජර් මධුසංඛ විසින් සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හඳුන්වාදීමෙන් අනතුරුව, වැඩබලන නිලධාරී අණදෙන මේජර් මධුසංඛ විසින් රෝහලේ වත්මන් යටිතල පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ පරිපාලන ගැටළු පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව සේනාංකාධිපති රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කළ අතර විවිධ රෝගාබාධවලට ලක්ව ප්‍රතිකාර ලබන සෙබළ/සෙබළියන් හමුවි ඔවුන්ගේ සුවදුක් විමසා සිටියේය.

සංචාරය නිමා කිරීමට පෙර සේනාංකාධිපතිවරයා තම වටිනා අදහස් නිලධාරීන් සමඟ බෙදාගත් අතර අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමටද අමතක නොකලහ.