Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th August 2023 13:41:29 Hours

23 වන පාබල සේනාංකයේ සිද්ධපුර ගොවිපලෙහි වී අස්වනු නෙලීමේ උත්සවය

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා 23 පාබල සේනාංකය වෙතින් සිද්ධපුර පුනානි ගොවිපලෙහි "යල කන්නයේ" කඹුරු අක්කර 23 ක වී වගා කරන ලදී.

එම අස්වනු නෙලීමේ උත්සවය 2023 අගෝස්තු මස 27 වන දින 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවීඒන්පී ප්‍රේමරත්න ආර්ඒස්පී යුඒස්පී පීඒස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සදහා නිලධාරීන් සහ සෙසුනිළයින්ද සහභාගී විය.