Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th February 2023 21:34:07 Hours

23 වන පාබල සේනාංකයේ ඵලින්බරවූ කුඹුරුවල අස්වනු නෙලීම අරඹයි

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් 23 වන පාබල සේනාංකය වෙතින් සිද්ධපුර පුනානි ගොවිපලෙහි "මහ කන්නයේ" කඹුරු අක්කර 50 ක වී වගා කරන ලදී.

එම අස්වනු නෙලීfusඋත්සවය 2023 පෙබරවාරි මස 09 වන දින 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති fuzජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. එම අවස්ථාව සදහා 23 වන පාබල සේනාංක මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිළයින් සහභාගී වන ලදි.