24th July 2022 14:49:26 Hours
රටෙහි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා ගෙන යන වැඩපිළිවලට සහය දැක්විම සදහා 23 වන පාබල සේනාංකයේ භඨපිරිස් විසින් එම සේනාංකයට අයත් අක්කර 17 ක වී අස්වනු නෙලීම ආරම්භ කරයි.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත එම සේනාංකයේ නිළධාරින් හා සෙසු නිළයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙසේ යල කන්නයේ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක වගා කරනු ලැබු වි අස්වනු නෙලා ගැනිම 2022 ජූලි 21 දින උත්සවාකාරයෙන් සිදුකරන ලදී.