19th February 2025 14:08:15 Hours
මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 23 වන පාබළ සේනාංකයේ 28 වන සේනාංකාධිපති වශයෙන් 2025 පෙබරවාරි මස 18 වන දින සර්ව ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.
හමුදා සම්ප්‍රදායන්ට අනුව 4 වන ගැමුණුහේවා බළඇණි භඨපිරිස් විසින් 23 වන පාබළ සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් එතුමන් හට ගෙ!රවය පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෙ!රවයෙන් පිළිගන්නා ලදී.
යුද්ධ හමුදා සම්ප්‍රදායිවලින් අනතුරුව, සර්ව ආගමික ආශිර්වාදය සමගින් සේනාංකාධිපති තුමන් තම කාර්යාලයේදී රාජකාරි භාරගැනීමේ නිල ලේඛනයට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරීන් ආරම්භ කරන ලදී.
මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් පී එස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලද අතර, බළප්‍රදේශයේ බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් හා සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපවලට ද පෙනී සිටි නව සේනාංකාධිපති මෙම උත්සවය සදහා පැමිණ සිටි සියලුම නිලයන් සමග සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද එක්වන ලදී.
පසුව, සේනාංක මුලස්ථාන සාකච්ඡා ශාලාවේදී නව සේනාංකාධිපති හට 23 පාබළ සේනාංක බළප්‍රදේශය පිළිබද දැනුවත් කිරීමක් සිදුකල අතර, මෙම අවස්ථාව සදහා පාබළ බලසේනාවන්හි බළසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිළධාරීන්, සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්සහභාගී වූහ.