Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th March 2024 14:02:14 Hours

22වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සහභාගිත්වයෙන් අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පවත්වයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව අභියෝගතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2024.02.27 දින සිට 2024.03.03 දින දක්වා පවත්වන ලද අතර, මෙය හුදෙක්ම සේනාංකය, බළසේනාවන් හා යටතේ ස්ථාපිත ඒකකයන් අතර සුහදත්වය මෙන්ම තරගකාරිත්වයක් ඇතිකරලිමටත්, සෙබලුන් තුල පවතින එකාකාරි මානසිකත්වයෙන් ඔවුන් මුදවා ගැනිම උදෙසාත් නිලධාරි/සෙසුනිලයින්ගෙන් සමන්විත කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලදි.

මෙම සැහැල්ලු පන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2024.03.03 දින 22වන පාබල සේනාංක කණ්ඩායම සහ 2(සෙව්) ගජබා රෙජිමේන්තුව සමගින් ඔර්ස්හිල් ක්‍රිඩාපිටියේ අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි අතර, එම තරගාවලියේ ජයග්‍රහණය 2(සෙව්) ගජබා රෙජිමේන්තුව විසින් ලබාගන්නා ලදි.

මෙම අවසන් මහා තරගාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග 221, 222, 223 පාබල සේනාංකයන්හි බලසේනාධිපතිවරුන් හා 6 ශ්‍රිලසසබ, 15 ශ්‍රීලපාහ, 20 ගරෙ, 9 විපාරෙ, 5 (සෙවි) ශ්‍රීලකාහ 2(සෙව්) ගරෙ ඒකක අණදෙන නිලධාරිවරුන්ද ඡ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්ද 600කට ආසන්න සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන්ද පවත්වන ලදි.